colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපතිගේ අනතුරට ඇමරිකාවට චෝදනා



ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට සිදු වූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා.

ඔහු පවසන්නේ ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන්යානා සහ ගුවන්යානා කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි.

ඒ අනුව ඉරාන ජනතාවට එරෙහිව ඇමරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට හෙලිකොප්ටර් යානා අනතුර ද ඇතුළත් වන බවයි ඔහු කියා සිටියේ.
(colombotimes.lk)