colombotimes.lk
සිංහල | English

17 September 2024


ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර



ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ, ඊශ්‍රායල විසින් එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන්.

එම පිපිරීමෙන් දැඩි ලැව් ගිනි ඇති වී තිබෙන අතර මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමයින් සිටින බව සඳහන්.
(colombotimes.lk)