colombotimes.lk
සිංහල | English

17 September 2024


ඔලිම්පික් සිහිනය බලා කාලිංග සහ තරුෂි දිවයිනෙන් පිටත් වෙයි



ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ සහ මලල ක්‍රීඩිකා තරුෂි ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සඳහා අද (14) ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ මේ මස 18 වනදා ස්පාඤ්ඤයේ Bilbao City හි පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතාවලියකට සහභාගි වීමට නියමිතයි.

ලෝක මලල ක්‍රීඩා C කාණ්ඩයේ ශ්‍රේණිගත (Bronze LaBelle) තරගයක් වූ මෙය මෙවර ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමට අපේක්ෂාවෙන් සිටින තරුෂිට සහ කාලිංගට ඉතා වැදගත් තරගයක් ලෙසයි දැක්වෙන්නේ.
(colombotimes.lk)