colombotimes.lk
සිංහල | English

17 September 2024


මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අදයි



මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 6.06ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ සිට ශ්‍රී දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ පෙරහැර ගමන් කර රජ වීදිය දිගේ අවසන් වන බවයි වාර්තා වන්නේ.

මෙවර මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,500ක් පමණ යොදවා තිබෙනවා.

(colombotimes.lk)