colombotimes.lk
සිංහල | English

17 September 2024


කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට



කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (4) පස්වරු 4.00ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී පැවැත්වෙනවා.

උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (1) දහවල් අපවත් වුණා.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48ක්.

දේහය මහජන ගෞරවය සදහා ඊයේ (2) කොළොන්නාව රජමහා විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබුණා.

(colombotimes.lk)