colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්ද කටවුට් ගැලවීම සඳහා කම්කරුවන් බඳවා ගැනේ



මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කරනවා.

එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(colombotimes.lk)