colombotimes.lk
සිංහල | English

17 September 2024


නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ වෙයි



ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවල නාය යෑමේ අවධානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පනවා තිබූ අදාළ නාය යෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම සංවිධානය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසු විය යුතු බවයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)