colombotimes.lk
සිංහල | English

17 September 2024


ආරුක්කු නවයේ පාලම ළග නාය යාමේ අවදානමක්



ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසල කඳුගැටයක නාය යාමේ අවදානමක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව නාය යාමේ අවදානම පාලනය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ වනවිට ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 101.3ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා රජය සූදානම්.

මෙම ව්‍යාපෘතිය මඟින් නාය යාමේ අවදානම සහිත කඳුවැටිය ආවරණය කරමින් කොන්ක්‍රීට් වැස්මක් යොදා එහි හිඩැස් අතර ශාක වැවීම මඟින් ස්වභාවික පරිසරය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)