colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක කිහිපයකට 2වන අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීම්



අධික වැසි තත්ත්වයත් සමඟ 2වන අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශවලටත් කළුතර පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශවලටත් මෙය බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම කෑගල්ල බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවලටත්, රත්නපුර කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශවලටත් එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. 
(Colombotimes.lk)