colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අදයි



මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රීයේ වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

එහි සිව්වැනි රන්දෝලි පෙරහැර ඊයේ (18) රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් වීදී සංචාරය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවයි.

(colombotimes.lk)