colombotimes.lk
සිංහල | English

17 September 2024


ළමුන් තිදෙනෙක්ගේ දිවි බේරාගත් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මෙහෙයුම



ගල්කිස්ස වෙරළ තීරයේ ඊයේ (1) දහවල් දිය නාමින් සිටියදී දිය වැළකට හසුවී ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙක්ගේ දිවි බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්.

එම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ළමුන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය වාර්තා කළේ අනතුරට පත්ව ඇත්තේ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිව සිටින 16 හැවිරිදි ළමුන් තිදෙනෙක් බවයි.

(colombotimes.lk)