colombotimes.lk
සිංහල | English

17 September 2024


නාවිකයන් දසදහසක් රැකියාව අතහැර යයි



පසුගිය වසර 05ක කාලය ඇතුළත දී නාවික හමුදාවේ නිලධාරීන් 167 දෙනෙක් සහ නාවිකයන් 10002ක් සේවය හැර ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඔවුන් සඳහන් කළේ නිලධාරීන් සහ නාවිකයන් 18271ක් බඳවා ගන්නා විට සේවය හැර ගිය ප්‍රමාණයද 18314ක් වන බවයි.

නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා 63ක් අක්‍රීයව පවතින බවත් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම මෙයට හේතු වී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළා.

(colombotimes.lk)