colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි රැසක්



2024 ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 08ක් මේ වන විට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 05ක් ලැබී තිබෙන බවයි.

මේ අතර මැතිවරණය සම්බන්ධව පැෆ්රල් සංවිධානයට පැමිණිලි 68ක් ලැබී තිබෙන බව එම සංවිධානය පවසනවා. 

එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනයට පැමිණිලි 32කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)