colombotimes.lk
සිංහල | English

17 September 2024


කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි



ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල්, නව ප්‍රතිපත්තියකට සහ අවබෝධතා ගිවිසුමකට ඊයේ (30) අත්සන් කර තිබෙනවා.

බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව සමඟ ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය කිරීම ඇතුළු කරුණු කාරණා රැසක් මෙම ප්‍රතිපත්තියට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක තිනන් කර්නල් ඊබ්‍රාම් සහ මෙරට මොරිෂෂ් මහකොමසාරිස් හේ මෙන්ඩෝ යල් ඩිම් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.
 
(COLOMBOTIMES.LK)