colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිවරණයට අදාළ පැමිණිලි 400 ඉක්මවයි



ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 14ක් ලැබී තිබෙන බව පොලීසිය පවසනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණීලි 7ක් ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 03ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව දැක්වෙන්නේ 437ක් ලෙසයි.   

(colombotimes.lk)