colombotimes.lk
සිංහල | English

17 September 2024


තවත් 100 දෙනෙක්ට කොරියාවේ රැකියා අවස්ථා



දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ පිටත්ව ගොස් තිබෙන පිරිස අතරට තරුණියන් 08 දෙනෙක් ද ඇතුළත් වන බවයි.

ඒ අනුව මේ වර්ෂයේ අගෝස්තු මාසය වන විට 3,694 දෙනෙක් රැකියා සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.     

(colombotimes.lk)