colombotimes.lk
සිංහල | English

18 October 2024


දිරියක් අවැසි දරුවන්ට පවුරක් වෙමින් ජනපති ශිෂ්‍යත්ව ගාල්ලටත්



දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2024 වැඩසටහන දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේදී අද (22) පැවැත්වුණා.

එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් සිසු දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 4650ක් පිරිනමනු ලැබුවා.

උසස් පෙළ දරුවන් 240ක් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දරුවන් 4410ක් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද බෙදාදීම සිදු වුණා.
 
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.

(colombotimes.lk)