colombotimes.lk
සිංහල | English

17 September 2024


වැඩිම වාර ගණනක් අසාර්ථක වූ ක්‍රීඩකයා සම්මානය දසුන්ට



ශ්‍රී ලංකා පිතිකරුවෙක් T20 තරග රටාවේ ලකුණු නොලබා වැඩිම වාර ගණනක් දැවී ගිය ක්‍රීඩකයා ලෙස දසුන් ශානක අද (17) වාර්තා අතරට එක් වුණා.

අද නෙදර්ලන්තය සමඟ පැවැති තරගය දසුන් ශානකගේ 100 වන ජාත්‍යන්තර T20 තරගය වූ අතර ඔහු අද ලකුණු නොලබා දැවී යාමත් සමඟ එම වාර්තාව ඔහුට හිමි වුණා.

දසුන් ක්‍රිඩා කර ඇති T20 තරග 100දී අවස්ථා 11ක් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් දරා තිබෙන්නේ තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔහු තරග 80කදී අවස්ථා 10ක් ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

(colombotimes.lk)