colombotimes.lk
සිංහල | English

18 October 2024


NPPය විදේශ රටවලට අනතුරු අඟවයි



ජාතික මැතිවරණයක් පැවැත් වීමට තිබියදී රාජ්‍ය දේපළ විකිණීම නතර කරන ලෙස රජයට බල කරන බව ජාතික ජන බලවේගය (NPP) පවසනවා.

අනාගතයේදී NPP රජය එවැනි ගනුදෙනුවලට එරෙහිව තීරණ ගන්නා බැවින් රාජ්‍ය දේපළ මිලදී ගැනීමට පෙර නැවත සලකා බලන ලෙස සියලුම පාර්ශවවලට අනතුරු අඟවන බව එම පක්ෂයේ ආර්ථික සභාවේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ටෙලිකොම්, ලංවිම, ලිට්‍රෝ ගෑස් වැනි රාජ්‍ය දේපළ ඉදිරි මැතිවරණයේදී තේරී පත් නොවන බව දැන දැනම කොමිස් ගසා ගැනීම සඳහා කේවල් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 
(colombotimes.lk)