colombotimes.lk
සිංහල | English

17 September 2024


චෙන්නායි සිට පලාලි දක්වා නව ගුවන් ගමන් සේවයක් අරඹයි



ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයේ පලාලි දක්වා ගුවන් ගමන් සේවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඉන්ඩිගෝ එයාර් ලයින් (Indigo Airlines) ගුවන් සේවයයි.

මෙම ගුවන් සේවය දිනපතා චෙන්නායි සිට යාපනයේ පලාලි දක්වා ගුවන් ගමන් සිදු කරනවා.

එම ගුවන් යානයෙන් පළමු දිනයේදී චෙන්නායි සිට මගීන් 52ක් යාපනය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙන් ආරම්භ කළ මෙම ගුවන් සේවය මඟින් රුපියල් 44,500කට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මගීන් 74 දෙනෙක් ඊයේ (01) දිනයේදී යාපනයේ සිට චෙන්නායි දක්වා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)