colombotimes.lk
සිංහල | English

17 September 2024


අලුත් වෙන පාස්පෝට්



නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොයක් ලබන සැප්තැම්බර් මාසයේදී ලැබීමට නියමිත බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආරක්ෂිත විශේෂාංග සහිත නව පෙනුමකින් යුතු විදේශ ගමන් බලපත්‍ර තොගය ලබන මාසයේ ලැබීමට නියමිත බැවින් විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඉක්මන් වන ජනතාවට ලබන මස තෙක් සිටින ලෙසයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1000ක් පමණ නිකුත් කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)