colombotimes.lk
සිංහල | English

18 October 2024


පළාත්පාලන ඡන්ද විමසීමේ නාමයෝජනා අවලංගු කරයි



දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත්පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, හිටපු පළාත් පාලන නියෝජිතයින් කරනු ලැබූ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා ඒකමතිකව තීරණය කළා.

ඒ අපේක්ෂකයින් මුහුණ දී ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්.
(colombotimes.lk)