colombotimes.lk
සිංහල | English

17 September 2024


උතුරු කොරියාව දකුණට කසළ බැලුන් හෙළයි



උතුරු කොරියාව දකුණු දේශසීමාවේ පළාත් දෙකකට ප්‍රචාරක පත්‍රිකා සහ කසළ රැගත් බැලූන් 90ක් හෙළා තිබෙනවා.

ඒ හේතුවෙන් එහි වැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

අපිරිසිදු අපද්‍රව්‍ය සහ කුණු අඩංගු බැවින් සුදු බැලූන් සහ ඒවාට සවි කර ඇති ප්ලාස්ටික් බෑග් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දකුණු කොරියානු හමුදාව විසින් මහජනතාව දැනුවත් කර තිබෙනවා.
 
Gyeonggi සහ Gangwon පළාත්වලින් සොයාගත් බැලූන අදාළ බලධාරීන් විසින් මේ වන විටත් විශ්ලේෂණය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)