colombotimes.lk
සිංහල | English

17 September 2024


උතුරේ නායකයින් අනුර හමුවට



ජාතික ජන බලවේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (11) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයින් හමුවුණා.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු උතුරේ දේශපාලඥයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා.



(colombotimes.lk)