colombotimes.lk
සිංහල | English

17 September 2024


පොලිස් මාර්ග බාධකයේදී වෙඩි වැදී පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



සීදුව, කොටුගොඩ පොලිස් මුරපොළේ දී අද (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වාහනයක් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරිවරයෙක්ගෙන් ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමට යාමේදී එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මෙසේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන පූගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)