colombotimes.lk
සිංහල | English

03 May 2024

සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ලබන ජනවාරියේදී පාර්ලිමේන්තුවට?



සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ලබන වසරේ ජනවාරි මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා. 

එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට උපදෙස් දී තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ. 
 
සංශෝධිත පනත් කෙටුම්පත 2023 නොවැම්බර් 07 වන දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන්ට අනුකූල වන බවයි වාර්තා වන්නේ.
(colombobtimes.lk)