colombotimes.lk
සිංහල | English

17 September 2024


පැට් කමින්ස් හමුවේ බංගලියන් අසරණ වෙයි



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව අද (21) පැවති තරගය DLS method අනුව ලකුණු 28කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරානය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 140ක් පමණයි.

එහිදී පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළා.

ඔහු වාර්තා අතරට එක් වුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 තරගයක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 2වන පන්දු යවන්නා ලෙසයි

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් රැස් කරගෙන සිටියදී  තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>>>https:/www.youtube.com/@ColomboTimes_LK/videos'>https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)