colombotimes.lk
සිංහල | English

15 September 2024


ණය කපා හැරීම සම්බන්ධව මහජන බැංකුව කරුණු පැහැදිළි කරයි



මහජන බැංකුව විසින් බොල් ණය ලෙස රුපියල් බිලියන 54ක් කපා හැර ඇති බවට සඳහන් කරමින් අසත්‍ය පුවතක් පැතිරවීමේ ප්‍රයත්නයක් ගැන වාර්තා වනවා.

එම අසත්‍ය සහ පදනම් විරහිත පුවත මහජන බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙම කට කතාවල සඳහන් කිසිඳු ණයක් කපා හැර නොමැති බවත් මහජන බැංකුවේ කළමනාකාරීත්වය සඳහන් කරනවා.

එමෙන්ම මහජන බැංකුව වැඩිදුරටත් කියා සිටියේ සමාජය දේශපාලනික වශයෙන් සංවේදී මෙවන් කාල පරිච්ඡේදයකදී එවැනි පදනම් විරහිත පුවත් පැතිරවීමෙන් පෙනී යන්නේ මෙම කටකතා පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් සහිත වැඩපිළිවෙලක් ඇති බවයි.

මෙම අසත්‍ය පුවත් සම්බන්ධයෙන් මහජන බැංකුව භාෂා ත්‍රිත්වන්ම යුතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයන් පහතින්...
 
 
 
(colombotimes.lk)