29 June 2025

logo

දහම් පාසල් ගුරුවරුන් හට 2500ක නිල ඇඳුම් දීමනාවක්



දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2025 වසරේ සිට සියලු ආගම්වල දහම්පාසල් ගුරුවරුන් සඳහා මෙම දීමනාව ලබා දීමට අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් දිරි ගැන්වීම සඳහා රුපියල් 5,000ක වාර්ෂික ගුරු දීමනාවක් ලබාදීම සිදු වනවා.

(colombotimes.lk)