colombotimes.lk
සිංහල | English

18 September 2024


රුසියානු ජනාධිපතිගෙන් අනතුරු ඇඟවීමක්



නේටෝ සංවිධානය විසින් යුක්‍රේනය වෙත දිගු දුර අවි ලබා දීමට කටයුතු කළහොත් තම රට සතුව ඇති පරමාණුක අවි යුක්‍රේනයට එරෙහිව භාවිතා කරන බවට රුසියානු ජනාධිපති Vladimir Putin අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාවට පහරදීමට දිගු දුර අවි ලබා දෙන ලෙස ඉල්ලා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් ඇමෙරිකානු ජනාධිපති Joe Biden ප්‍රමුඛ නේටෝ සංවිධානයෙන් කළ ඉල්ලීමට රුසියානු ජනාධිපතිවරයා එසේ ප්‍රතිචාර දක්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer සදහන් කළේ රුසියානු ජනාධිපතිවරයාගේ තර්ජනය සැලකිය යුතු දෙයක් නොවන බවයි.

(colombotimes.lk)