colombotimes.lk
සිංහල | English

18 September 2024


නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම දිවයිනට



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට පැමිණියා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

එළඹෙන 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් එදින තරගයේ විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියේ දෙවන තරගය 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)