colombotimes.lk
සිංහල | English

18 October 2024


ඡන්දෙට බාධාවක් නොවන පරිදි උත්සව පැවැත්වීමට අවසර



රාජ්‍ය ආයතන මඟින් පෙර සැලසුම් කළ උත්සව දේශපාලන බලපෑම්වලින් තොරව පැවැත්වීමට අවසර ලබාදෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ ඊයේ (26) දිනය තුළ පෙර සැළසුම් කළ උත්සව පැවැත්වීමට අවසර ඉල්ලා ඉල්ලීම් රැසක් ඉදිරිපත් වූ බවයි.

එම ඉල්ලීම් සළකා බලා ඇතැම් අංග ඉවත් කර දේශපාලන බලපෑම්වලින් තොරව සිදු කිරීමට උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළ භාණ්ඩ බෙදා හැරීම හෝ පක්ෂ ප්‍රවර්ධනයට කිසිදු උත්සවයක් පැවැත්වීමට අවසර හිමි නොවන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)