colombotimes.lk
සිංහල | English

17 September 2024


වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි



වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කළා.

එම පෙත්සම රුපියල් 50000ක නඩු ගාස්තුවක් යටතේ නිෂ්ප්‍රභ කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සමේ වගඋත්තරකරුවෙක් වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද එම පෙත්සම මඟින් ඉල්ලා තිබුණා. 

(colombotimes.lk)