colombotimes.lk
සිංහල | English

17 September 2024


ගායකයෙක් සහ ඔහුගේ මව පොලිස් අත්අඩංගුවට



ගායක ෂෝන් කිංග්ස්ටන් කැලිෆෝනියාවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ෆ්ලොරිඩා පිහිටි ඔහුගේ නිවස පොලිස් වැටලීමකින් පැය කිහිපයකට පසු ඔහුගේ මව ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී සහ ශබ්ද පද්ධතියක් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සමාගමක් විසින් පෙබරවාරි මාසයේදී කිංග්ස්ටන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

ෆ්ලොරිඩා වරෙන්තුවක් අනුව වංචා සහ සොරකම් කිරීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත් බව ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

(colombotimes.lk)

Getty Images Singer Sean Kingston performing in June 2023