colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ නීති ගැන පොලීසිය දැනුවත් කිරීම අදින් ඇරඹෙයි



මැතිවරණ නීතිය පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල නිලධාරීන් සඳහා අදාළ දැනුවත් කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙය අදියර කිහිපයක් යටතේ සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව එම දැනුවත්කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)