colombotimes.lk
සිංහල | English

17 September 2024


තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් අදියරේ



2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95%කින් පමණ අවසන් කර තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් ඉතිරිව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (02) බෙදා අවසන් කරන බවයි.

2024 තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,318ක් සුදුසුකම් ලබා තිබෙනවා.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම එළඹෙන 04,05 සහ 06 යන දිනවල සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)