colombotimes.lk
සිංහල | English

03 May 2024

කුකුළු මස් මිල පහළට



උත්සව සමයේ ඉහළ ගිය කුකුළු මස් මිල මේ වන විට රු.250 කින් පමණ අඩු වී තිබෙන බව වෙළෙඳුන් පවසනවා.

ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් කුකුළු මස් මිල අඩු වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය කාලය තුළ රු.1460ක් වූ කුකුළු මස් 1kgක් අද (20) වන විට රු.1220ක් දක්වා රුපියල් 240 කින් අඩු වී තිබෙනවා.

(colombotimes.lk)