colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට



මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ කොමිසමට හිමිවනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක ප්‍රකාශ කළේ මෙම මාසය අවසන්වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව අද (16) විශේෂ මාධ්‍ය හමුවක් ද මැතිවරණ කොමිසමේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)