colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න රාජ්‍ය සේවා කොමිසමෙන් ඉවතට



මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් බවයි වාර්තා වන්නේ.

පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මෙයට හේතුවී තිබෙනවා.

ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න ප්‍රකාශ කළේ තමා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට පෙර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ලිඛිතව දැනුම් දී තිබූ බවයි.

(colombotimes.lk)