colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපති අපේක්ෂකයෝ ආරක්ෂාව එපා කියයි



ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් 20කට ආසන්න ප්‍රමාණයක් තමන්ට ආරක්ෂකයන් අවශ්‍ය නැති බව දැනුම් දී තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

මෙවර ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂිතම වූ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඒ ජනාධිපති අපේක්ෂකයන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශන වලින් අනතුරුවයි.



(colombotimes.lk)