colombotimes.lk
සිංහල | English

17 September 2024


රංගිරි දඹුලු විහාරාධිපති අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අපවත් වෙයි



ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන  සංඝනායක දඹුල්ල මැද පන්සලෙහි අධිපති සිරි වළගම්බා මහා පිරිවෙන් අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අද (19) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අපවත් වන විට 63 වන වියේ පසුවුණ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)