colombotimes.lk
සිංහල | English

17 September 2024


මෝදීගේ දිවුරුම් දීමේ උත්සවයට රනිලුත් යයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) උදෑසන ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ, නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවීම සඳහායි.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම උත්සවයට එක්වනු ඇති.

අද පස්වරුවේ රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දීමේ උත්සවය පැවැත් වෙනවා.
 
(colombotimes.lk)