colombotimes.lk
සිංහල | English

18 October 2024


දේශීය බිත්තර නිෂ්පාදකයින්ට වෙළඳ ඇමතිගෙන් රතු එළි



මෙරට බිත්තර නිෂ්පාදකයින් සාධාරණ මිලකට බිත්තර අලෙවි නොකරන්නේ නම් බිත්තර ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

බිත්තර ගොවීන්ට බිත්තර නිෂ්පාදනය සඳහා පහසුකම් ලබා දී තිබුණද එහි වාසිය පරිභෝගිකයන්ට නොලැබීම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට දේශීය බිත්තරයක සිල්ලර මිළ අවම වශයෙන් රුපියල් 40ක් දක්වා අඩු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරි දින තුන තුළදී ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)