colombotimes.lk
සිංහල | English

17 September 2024


කොළඹ ජාතික රෝහලේ ස්කෑන් සහ MRI යන්ත්‍ර ලෙඩ වෙයි



කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙතෙක් එම යන්ත්‍ර අලුත්වැඩියා කර නොමැති බවයි.

මේ අතර බාහිර රෝගී අංශයේ සහ ප්‍රධාන විකිරණ අංශයේ ස්කෑන් යන්ත්‍ර ද එලෙස දෝෂවලට ලක් වී තිබෙනවා.

ඊට අමතරව බාහිර රෝගී අංශයේ සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ MRI යන්ත්‍ර එක බැගින් දෝෂවලට ලක්ව තිබෙන බව චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඒ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සැත්කම් හා ප්‍රතිකාර සේවා අඩාල වි ඇති බවයි.

(colombotimes.lk)