colombotimes.lk
සිංහල | English

17 September 2024


ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කරයි



2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 15 වන ඉරිදා උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,649කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

(colombotimes.lk)