colombotimes.lk
සිංහල | English

17 September 2024


අයිස් මත්ද්‍රව්‍ය හා ජීව පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත - දෙවොල්මඩුවත්ත ප්‍රදේශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 500ක් හා ජීව පතරොම් 04ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 වූ සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)