colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක



ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම සම්බන්ධව ගැටලුවක් මතු වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර එක් සේවකයෙක්ට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් කියා සිටියා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කිරීම අවශ්‍ය බවයි.

(colombotimes.lk)