colombotimes.lk
සිංහල | English

17 September 2024


හෘදයාබාධයක් නිසා ඇති වූ ලංගම බස් රථ අනතුර



අම්පාර ඉඟිනියාගල දේවාලහිඳ, හත්පොත වනජීවි කාර්යාලය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (23) රාත්‍රියේදී අනතුරක් සිදුවී  තිබෙනවා.

බස් රථයේ රියදුරු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අනතුර සිදුවීමෙන් පසුව බස් රථයේ මගීන් විසින් රියදුරුව ඉඟිනියාගල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 40 දෙනෙක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)