colombotimes.lk
සිංහල | English

18 October 2024


විදෙස්ගත ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිද?



විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසනවා.

විදෙස්ගත ඡන්ද දායකයින්ගේ ඡන්දය ලබා ගැනීමට තේරීම් කාරක සභාවට සංශෝධන ඉදිරිපත් කර ඇති බව ඒ මහතා සඳහන් කළා.

නමුත් ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම නිසා විදෙස්ගත ලාංකිකයන්ට ඡන්දය ලබා දීමට තවමත් හැකියාවක් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම අබාධිත සහ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සකස්කර ඇති බව අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළා.

(colombotimes.lk)