colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 World Cup 2024 | සුපිරි 08 තරග වටය අදින් ඇරඹෙයි



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටය අද (19) ආරම්භ වනවා.

සුපිරි 8 දෙනාගේ තරගවටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර පළමු කාණ්ඩයට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඇතුළත් වනවා.

දෙවන කාණ්ඩයට ඇමරිකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ කොදෙව්වන් ඇතුළත් වී තිබෙනවා.

මේ අතර ලොව ප්‍රභල ක්‍රිකට් කණ්ඩායම් 3ක් වන පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්වලට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.  

සුපිරි 8 තරග වටය ආරම්භ කරමින් අද රාත්‍රී 8.00 දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම Sir Vivian Richards ක්‍රීඩාංගනයේදී තරග වදිනවා.
(colombotimes.lk)